Monday, December 16, 2013
ඒ උතුම් උඳුවප් පොහොය අදයි.....
Wednesday, June 27, 2012
ගණිතය, පරිඝනකයත් එක්ක වැඩ කරන්න (Math Input Panel)
සුබ රාත්‍රියක්
යාලුවනේ. ගොඩාක් කාලෙකින් ඔයාලට ලිපියක් ලියන්න බැරි උනානේ. සමාවෙන්න ඔනි. Busy Life 1කේ පොඩි පොඩි Mistakes. ඉතින් අද මං කියන්න යන්නේ ගණිතය සහ Windows 7 සම්බන්ද වැදගත් දෙයක්. කියවලම බලන්නකෝ.
බලන්න මේ පහල තියෙන පින්තූරය දිහා.
බලන්න මේ පහල තියෙන පින්තූරය දිහා.
මේකෙ පේන විදියට මේ වගෙ සමීකරනයක් අපි Word හරි Excel වල හරි ලියන්න ගියොත් කොච්චරනම් වද විඳින්න වෙයිද. දැන් එහෙම දුක් විඳින්න ඕනි නෑ. මට හම්බුනා හරිම ලේසියෙන් මෙ වගේ අමාරු දේවල් හරිම ලේසියෙන් කරගන්න පුලුවන් ක්‍රමයක්.
Math Input Panel සොයා ගැනීම
මේක
සොයාගන්න 1 නම් හරිම ලේසියි. ඔයාලට හිතාගන්න පුලුවන්ද තියෙන තැන. ඒවට වද වින්ද කාලෙ ඉවරයි. මොකද දැන් අපි පාවිච්චි කරන්නෙ Windows 7 නේ. කරන්න තියෙන්නේ Start ගිහින් සෙවුම් කොටුවේ Math Input Panel කියලා ලියන්න. බාගයක් ලියනකොටම ඔයාලට සොයන දේ හම්බවේවි.
තවත්
විදියක් තියෙනවා. ඒ ඉතින් සාමාන්‍ය
විදියට
Start -> All
Programs -> Accessories -> Math Input Panel
Tuesday, April 3, 2012
Open කරපු Program 1කින් තවත් 1ක් ගන්න පොඩි ගුරුකමක්
අපි හිතමු මොකක් හරි වැඩසටහනක වැඩක් කර කර ඉන්නවා කියල. දැන් ඒකෙන්ම තවත් වැඩසටහනක් ඒ කියන්නේ අපි ම්ස් වොර්ඩ් වල වැඩ කලානම් තව ම්ස් වොර්ඩ් පිටුවක් ආරම්භ කරන්න ඕනි කියලා. දැන් ඉතින් මුල ඉදන් ස්ටර්ට් මෙනු ගිහින් වැඩසටහන් හොයන්න මහන්සි ගන්න ඕනි නෑ.
කරන්න තියෙන්නේ ලේසිම ලේසි දෙයක්. මොකක්ද දන්නවද? ශිෆ්ට් යතුර ඔබාගෙන ඉන්න ගමන් අපිට ගන්න ඕනි වැඩසටහනේ Task Bar Icon 1 උඩ Click කරන්න. එතකොට පුලුවන් ටක් ගාල ඔයාලට ඕනි වැඩසටහන ක්‍රියාත්මක කරගන්න. තේරුම් ගන්න අමාරුනම් පහල පින්තුරෙත් බලන්නකෝ.
Thursday, February 2, 2012
පරණ, වර්තමාන සහ අනාගත දවස් බලාගන්න ලේසි ක්‍රමයක්
අද මං කියන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක් ගැන වින්ඩොව්ස් 7 වල තියෙන. ඒක තමයි දවසක් හොයාගන්න සුපිරි ලේසිම විදිහක් තියෙනව වින්ඩොව්ස් 7 වල. මේකෙන් පුලුවන් 1900 ජනවාරි 1 ඉදන් 2099 දෙසැම්බර් 31 වෙනකන් තියෙන ඕනිම දවසක් බලාගන්න.
දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි ඉතින් මේකට වින්ඩොව්ස් 7 දාල තියෙන්න ඔනි. එහෙමනම් වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. මුලින්ම Task Bar එකේ වෙලාව පෙන්නන තැන Click කරන්න.
එතකොට සාමාන්‍ය විදියට Date Calendar 1 පෙනේවි ඔයාලට.
දැන් දෙපැත්තට තියෙන ඊ හිස් වලින් කලින් සහ ඉදිරි මාස බලාගන්න පුලුවන්. එත් ඔයාල දැනගෙන හිටියද මාසෙ මත ක්ලික් කාලොත් මොකද වෙන්නේ කියලා....
ඇතුලත:
Clock decades
ලියපු තැන:
E W. Perera Mawatha, Colombo, Sri Lanka
Thursday, January 12, 2012
අසීමිතව සැරිසරන්න අධිවේගී 16Mbps සම්බන්ධතාවයක්
Tuesday, October 25, 2011
මෙන්න G mail වෙතින් 7GB online drive එකක්
විස්තර කලා ඇතිනේ දැන්. අපි බලමු කොහොමද මේ එක හදාගන්නේ කොහොමද කියලා.
ඒකට ඉස්සෙල්ලම මේ GMail Drive මෘදුකාංගය 1 බාගන්න ඔනි.

දැන් බාගත්තු file එක Unzip කරලා setup.exe run කරන්න.
Saturday, September 3, 2011
දැන් උබුන්ටු ඉල්ලලා වැඩක් නෑ
දැන් ඉතින් ඒ සෙල්ලම් දාල ඉවරයි. මොකද දන්නවද?
එයාලගේ ShipIt programme එකේ වැඩ නවත්තලා. එයාල මිලියන ගානක් CD ලොකේ පුරාම නොමිලේම බෙදාහැරලා තියෙනවා.
හැබැයි ඉතින් තාමත් අපිට නොමිලේ බාගන්නනම් පුලුවන් උබුන්ටුලාගෙන්ම. එහෙනම් ජයවේවා...

Sunday, August 28, 2011
PHP වලින් Graph (2කොටස)
අද PHP graph වල 2 වෙනි කොටස පටන් ගන්නයි හදන්නේ. කලින් අපි 1 දිගට යන data ටිකකට graph 1ක් ඇන්දනේ. අද බලමු X අක්ෂයේ විචල්‍යවලට අපේම දත්ත දාන විදිය කොහොමද කියලා. කලින් වගේමයි. අමාරු නෑ.
කරන්න තියෙන්නේ කලින් අපි හදපු graph.php file 1කේම copy 1ක් අරගෙන parametergraph.php කියලා save කරගන්න.
දැන් ඒක open කරලා පහල code 1 $data = array(586, 535, 433, 623, 532, 732, 544, 623, 778, 878, 787, 543, 832); 1 වෙනුවට paste කරගන්න.
$data = array("Jan"=>1324, "Feb"=>1200, "Mar"=>100, "Apr"=>1925, "May"=>1444,
"Jun"=>957, "Jul"=>364, "Aug"=>221, "Sep"=>1300, "Oct"=>848, "Nov"=>719, "Dec"=>114);
එතකොට ඔයාලට පෙනෙයි අලුතෙන් ලස්සන පහල පේනව වගේ graph 1ක්. ඔයාලත් කරලා බලන්න. එහෙනම් ජයවේවා හැමෝටම...!!!
ඇතුලත:
parametergraph.php
ලියපු තැන:
Maradana, Colombo, Sri Lanka
Sunday, August 7, 2011
PHP වලින් Graph (1කොටස)
දැන් අපි බලමු මේ වගේ graph 1ක් කොහොමද අදින්නේ කියලා.
මේකට අපි php file 1ක් හදාගන්න ඔනි අපේ බාගත්තු library folder 1 ඇතුලේ. අපි ඒක graph.php කියලා save කරමු. දැන් ඒක open කරලා මෙන්න මේ code 1 paste කරන්න ඔනි.
<?php
include('phpgraphlib.php');
$graph = new PHPGraphLib(500,350);
$data = array(586, 535, 433, 623, 532, 732, 544, 623, 778, 878, 787, 543, 832);
$graph->addData($data);
$graph->setTitle(' All Students attendance in UWU for 1 year');
$graph->setGradient('red', 'maroon');
$graph->createGraph();
?>
graph.php file 1 වෙන තැනක save කලානම් library file එකේ path 1 include1ට දෙන්න. මේ විදියට sequence 1කට යන තොරතුරු සමූහයකට $data = array එකේ data වෙනස් කර කර graph 1ක් හදාගන්න අපිට දැන් පුලුවන් නේද?
තව ගොඩාක් වැඩ මෙකේ තියෙනවා. එවා ඔක්කොම ටිකෙන් ටික මං ලියන්නම්කෝ. දැන්නම් මටත් නිදි මතයි. එහෙනම් හැමෝටම ජයවේවා...!!!
මාගේ පලමු ලිපිය
ලියපු තැන:
Deraniyagala, Sri Lanka
Subscribe to:
Posts (Atom)








