Wednesday, June 27, 2012

ගණිතය, පරිඝනකයත් එක්ක වැඩ කරන්න (Math Input Panel)


සුබ රාත්‍රියක් යාලුවනේ. ගොඩාක් කාලෙකින් ඔයාලට ලිපියක් ලියන්න බැරි උනානේ. සමාවෙන්න ඔනි. Busy Life 1කේ පොඩි පොඩි Mistakes. ඉතින් අද මං කියන්න යන්නේ ගණිතය සහ Windows 7 සම්බන්ද වැදගත් දෙයක්. කියවලම බලන්නකෝ.
බලන්න මේ පහල තියෙන පින්තූරය දිහා

 මේකෙ පේන විදියට මේ වගෙ සමීකරනයක් අපි Word හරි Excel වල හරි ලියන්න ගියොත් කොච්චරනම් වද විඳින්න වෙයිද. දැන් එහෙම දුක් විඳින්න ඕනි නෑ. මට හම්බුනා හරිම ලේසියෙන් මෙ වගේ අමාරු දේවල් හරිම ලේසියෙන් කරගන්න පුලුවන් ක්‍රමයක්.

Math Input Panel  සොයා ගැනීම

මේක සොයාගන්න 1 නම් හරිම ලේසියි. ඔයාලට හිතාගන්න පුලුවන්ද තියෙන තැන. ඒවට වද වින්ද කාලෙ ඉවරයි. මොකද දැන් අපි පාවිච්චි කරන්නෙ Windows 7 නේ. කරන්න තියෙන්නේ Start ගිහින් සෙවුම් කොටුවේ Math Input Panel කියලා ලියන්න. බාගයක් ලියනකොටම ඔයාලට සොයන දේ හම්බවේවි.
තවත් විදියක් තියෙනවා. ඉතින් සාමාන්‍ය විදියට
Start -> All Programs -> Accessories -> Math Input Panel


Math Input Panel  භාවිතා කරන හැටි

ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. මුලින්ම අපි මූලිකම දේවල් ටික ඉගෙන ගමු. පස්සේ තව වැඩ තියෙනවා කියාදෙන්න. Math Input Panel එක හොයාගත්තට පස්සේ අපි ඒක Run කරල බලමු. ඔයාලට මේ වගේ ලස්සන Interface 1ක් දකින්න ලැබේවි.

දැන් පටන් ගමු අපේ ගණිත සමීකරන ලියන වැඩේ. ලේසි එකක් ලියලම පටන් ගමු. පහල විදියට උත්සාහ කරල බලන්න.
ඔයාලා Word හරි Excel හරි විවෘත කරල තිබුනානම් Insert ඔබපු ගමන් මේ සමීකරනය ලබාගන්න පුලුවන්.

සැලකිය යුතුයි

මේකත් දැනගන්න මගේ යාලුවනේ. අපි ඒකෙන් ලියන දේවල් වලින් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ MathML සහය දක්වන වැඩසටහන් වලට විතරයි. ඒ කියන්නේ මේකෙන් අපි ලියන ඒවා කියවන්න දන්නේ MathML. විස්තර කරල කියනවානම් Mathamatical Markup Language.
හැබැයි ඉතින් බයවෙන්න දෙයක් නෑ. මොකද දන්නවද? Word, Excel, සහ Power Point : මේ සේරම අපිට සහය දක්වන නිසා කියවන්න.
Markup Languages ගැන දැන ගන්න මේ වලට ගිහින් බලන්න. 
 
ඔන්න ඉතින් මං දැනගත්තු අලුත් දෙයක් මගේ යලුවොත් එක්ක බෙදහදාගත්තා. මටනම් හරිම සතුටුයි. මේ ගැන තව විස්ටර තියෙනවා. ඒවත් ලඟදීම ලියන්න පොරොන්දු වෙනවා. දැන් දොයියන වෙලාව.
හැමෝටම ජයවේවා..!!!

No comments:

Post a Comment