Tuesday, April 3, 2012

Open කරපු Program 1කින් තවත් 1ක් ගන්න පොඩි ගුරුකමක්

ඔන්න යලුවනේ මං අද ඔයාලට පොඩි ගුරුකමක් කියාදෙන්නයි හදන්නේ. හැබැයි මේක වින්ඩොව්ස් 7 වල තියෙන පහසුකමක්. දන්න අයත් ඇති. ඒත් වැදගත් වෙයි කියල හිතෙන නිසා මං කියන්නම්.
අපි හිතමු මොකක් හරි වැඩසටහනක වැඩක් කර කර ඉන්නවා කියල. දැන් ඒකෙන්ම තවත් වැඩසටහනක් ඒ කියන්නේ අපි ම්ස් වොර්ඩ් වල වැඩ කලානම් තව ම්ස් වොර්ඩ් පිටුවක් ආරම්භ කරන්න ඕනි කියලා. දැන් ඉතින් මුල ඉදන් ස්ටර්ට් මෙනු ගිහින් වැඩසටහන් හොයන්න මහන්සි ගන්න ඕනි නෑ.
කරන්න තියෙන්නේ ලේසිම ලේසි දෙයක්. මොකක්ද දන්නවද? ශිෆ්ට් යතුර ඔබාගෙන ඉන්න ගමන් අපිට ගන්න ඕනි වැඩසටහනේ Task Bar Icon 1 උඩ Click කරන්න. එතකොට පුලුවන් ටක් ගාල ඔයාලට ඕනි වැඩසටහන ක්‍රියාත්මක කරගන්න. තේරුම් ගන්න අමාරුනම් පහල පින්තුරෙත් බලන්නකෝ.