Wednesday, June 27, 2012

ගණිතය, පරිඝනකයත් එක්ක වැඩ කරන්න (Math Input Panel)


සුබ රාත්‍රියක් යාලුවනේ. ගොඩාක් කාලෙකින් ඔයාලට ලිපියක් ලියන්න බැරි උනානේ. සමාවෙන්න ඔනි. Busy Life 1කේ පොඩි පොඩි Mistakes. ඉතින් අද මං කියන්න යන්නේ ගණිතය සහ Windows 7 සම්බන්ද වැදගත් දෙයක්. කියවලම බලන්නකෝ.
බලන්න මේ පහල තියෙන පින්තූරය දිහා

 මේකෙ පේන විදියට මේ වගෙ සමීකරනයක් අපි Word හරි Excel වල හරි ලියන්න ගියොත් කොච්චරනම් වද විඳින්න වෙයිද. දැන් එහෙම දුක් විඳින්න ඕනි නෑ. මට හම්බුනා හරිම ලේසියෙන් මෙ වගේ අමාරු දේවල් හරිම ලේසියෙන් කරගන්න පුලුවන් ක්‍රමයක්.

Math Input Panel  සොයා ගැනීම

මේක සොයාගන්න 1 නම් හරිම ලේසියි. ඔයාලට හිතාගන්න පුලුවන්ද තියෙන තැන. ඒවට වද වින්ද කාලෙ ඉවරයි. මොකද දැන් අපි පාවිච්චි කරන්නෙ Windows 7 නේ. කරන්න තියෙන්නේ Start ගිහින් සෙවුම් කොටුවේ Math Input Panel කියලා ලියන්න. බාගයක් ලියනකොටම ඔයාලට සොයන දේ හම්බවේවි.
තවත් විදියක් තියෙනවා. ඉතින් සාමාන්‍ය විදියට
Start -> All Programs -> Accessories -> Math Input Panel