Monday, December 16, 2013

ඒ උතුම් උඳුවප් පොහොය අදයි.....

තෙරුවන් සරණයි යාලුවනේ.. අද ව්‍යවහාර වර්ෂ 2013 නේ අවසාන පොහොය දිනයයි. බෞද්ධයන් වන අපට මෙම පොහොය දිනය ඉතාම වැදගත් වෙනවා. මොකද දන්නවද? අද වැනි දිනයක තමයි "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ලක්දිවට වැඩම කලේ සංඝමිත්තා මෙහෙනින් වහන්සේ විසින්.
මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත් වූ අනුලා දේවිය ප්‍රධාන 500 ක් ආර්යය කාන්තාවන් බවට පත්ව, මෙහෙණි සසුන පිහිටුවීම සඳහා අරහත් මෙහෙණින් වහන්සේලා 11 නමක් සමගින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ මේ ලක්දිවට වැඩම කල සේක. අද වැනි උතුම් දිනයක තමයි අපේ රටේ මෙහෙණි සසුන ආරම්භ වූයේ. තෙරුවන් සරණයි...

No comments:

Post a Comment