Thursday, February 2, 2012

පරණ, වර්තමාන සහ අනාගත දවස් බලාගන්න ලේසි ක්‍රමයක්


අද මං කියන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක් ගැන වින්ඩොව්ස් 7 වල තියෙන. ඒක තමයි දවසක් හොයාගන්න සුපිරි ලේසිම විදිහක් තියෙනව වින්ඩොව්ස් 7 වල. මේකෙන් පුලුවන් 1900 ජනවාරි 1 ඉදන් 2099 දෙසැම්බර් 31 වෙනකන් තියෙන ඕනිම දවසක් බලාගන්න. දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි ඉතින් මේකට වින්ඩොව්ස් 7 දාල තියෙන්න ඔනි. එහෙමනම් වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. මුලින්ම Task Bar එකේ වෙලාව පෙන්නන තැන Click කරන්න.
එතකොට සාමාන්‍ය විදියට Date Calendar 1 පෙනේවි ඔයාලට.
 දැන් දෙපැත්තට තියෙන ඊ හිස් වලින් කලින් සහ ඉදිරි මාස බලාගන්න පුලුවන්. එත් ඔයාල දැනගෙන හිටියද මාසෙ මත ක්ලික් කාලොත් මොකද වෙන්නේ කියලා....


එවිට දින Calendar 1 මාස Calendar 1ක් උනා නේද. බලන්න තවත් ඒ මතම ක්ලික් කරලා.

මාස අවුරුදු බවට පත්වෙයි. මේ විදියට Calendar 1 අපිට ගොඩාක් හකුලුවාගන්න පුලුවන්. ඒ මගින් ලේසියෙන්ම අපිට වුවමනා දවස් බලාගන්න පුලුවන්.
ඔයාලට වැදගත් කියල හිතෙනවනම් පොඩි වචනකින් සප් 1ක් දීල යන්න. ජයවේවා හැමෝටම...!!!

1 comment:

  1. සිරා වැඩේ මචන්..... දිගටම ලියපන්......!

    ReplyDelete