Tuesday, April 3, 2012

Open කරපු Program 1කින් තවත් 1ක් ගන්න පොඩි ගුරුකමක්

ඔන්න යලුවනේ මං අද ඔයාලට පොඩි ගුරුකමක් කියාදෙන්නයි හදන්නේ. හැබැයි මේක වින්ඩොව්ස් 7 වල තියෙන පහසුකමක්. දන්න අයත් ඇති. ඒත් වැදගත් වෙයි කියල හිතෙන නිසා මං කියන්නම්.
අපි හිතමු මොකක් හරි වැඩසටහනක වැඩක් කර කර ඉන්නවා කියල. දැන් ඒකෙන්ම තවත් වැඩසටහනක් ඒ කියන්නේ අපි ම්ස් වොර්ඩ් වල වැඩ කලානම් තව ම්ස් වොර්ඩ් පිටුවක් ආරම්භ කරන්න ඕනි කියලා. දැන් ඉතින් මුල ඉදන් ස්ටර්ට් මෙනු ගිහින් වැඩසටහන් හොයන්න මහන්සි ගන්න ඕනි නෑ.
කරන්න තියෙන්නේ ලේසිම ලේසි දෙයක්. මොකක්ද දන්නවද? ශිෆ්ට් යතුර ඔබාගෙන ඉන්න ගමන් අපිට ගන්න ඕනි වැඩසටහනේ Task Bar Icon 1 උඩ Click කරන්න. එතකොට පුලුවන් ටක් ගාල ඔයාලට ඕනි වැඩසටහන ක්‍රියාත්මක කරගන්න. තේරුම් ගන්න අමාරුනම් පහල පින්තුරෙත් බලන්නකෝ.


Thursday, February 2, 2012

පරණ, වර්තමාන සහ අනාගත දවස් බලාගන්න ලේසි ක්‍රමයක්


අද මං කියන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක් ගැන වින්ඩොව්ස් 7 වල තියෙන. ඒක තමයි දවසක් හොයාගන්න සුපිරි ලේසිම විදිහක් තියෙනව වින්ඩොව්ස් 7 වල. මේකෙන් පුලුවන් 1900 ජනවාරි 1 ඉදන් 2099 දෙසැම්බර් 31 වෙනකන් තියෙන ඕනිම දවසක් බලාගන්න. දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි ඉතින් මේකට වින්ඩොව්ස් 7 දාල තියෙන්න ඔනි. එහෙමනම් වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. මුලින්ම Task Bar එකේ වෙලාව පෙන්නන තැන Click කරන්න.
එතකොට සාමාන්‍ය විදියට Date Calendar 1 පෙනේවි ඔයාලට.
 දැන් දෙපැත්තට තියෙන ඊ හිස් වලින් කලින් සහ ඉදිරි මාස බලාගන්න පුලුවන්. එත් ඔයාල දැනගෙන හිටියද මාසෙ මත ක්ලික් කාලොත් මොකද වෙන්නේ කියලා....

Thursday, January 12, 2012

අසීමිතව සැරිසරන්න අධිවේගී 16Mbps සම්බන්ධතාවයක්

2012 වසර උදාවත් සමගම SLT වෙතින් අලුත් අධිවේගී අන්තර්ජාල සම්බන්දතා රැසක් හඳුන්වා දී ඇත. එහි උපරිම බාගත කිරීමේ වේගය දැන් 16Mbps දක්වා වැඩිකර ඇත. ඒ කියන්නේ කලින් තිබුනා වගේ 4 ගුනයකින් වැඩිවෙලා. වැඩි විස්තර මෙතැනින් ලබා ගන්න පුලුවන්

Tuesday, October 25, 2011

මෙන්න G mail වෙතින් 7GB online drive එකක්

අපි පාවිච්චි කරන Gmail ලිපිනයෙන් අපි කරන්නෙ mail යවන කියවන එකනේ. අද මං කියන්න යන්නෙ mail 1න් තවත් වැඩක් කරගන්න හැටි කියලා දෙන්න. ඔයාලා දන්නවනේ Gmail අපිට 7GB space 1ක් දෙනවා කියලා. ඒක අපිට පුලුවන් online storage 1ක් විදියට My computer 1ට add කරගන්න. ඒ කියන්නේ තවදුරටත් Gmail කියන්නේ mail 1ක් විතරක් නෙවෙයි නේද? මේ drive එක ඔයාලගෙ කොම්පියුටරේ තියෙන අනිත් drives වගේම පාවිච්චි කරන්න පුලුවන්. ලිපි ගොනු add, delete, copy, paste,drag and drop  වගෙ හැම දෙයක්ම මේකෙන් කරගන්න පුලුවන්.

විස්තර කලා ඇතිනේ දැන්. අපි බලමු කොහොමද මේ  එක හදාගන්නේ කොහොමද කියලා.
ඒකට ඉස්සෙල්ලම මේ GMail Drive මෘදුකාංගය 1 බාගන්න ඔනි.


දැන් බාගත්තු file එක Unzip කරලා setup.exe run කරන්න.